Press "Enter" to skip to content

නයිජීරියාවේ පළමු කොරෝනා ආසාදිතයා

නයිජීරියාවෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා ඊයේ (28) වාර්තා වී තිබේ. 

ඉතාලියේ මිලානෝ හි සිට ලාගෝස් වෙත පැමිණි පුද්ගලයෙකු මෙලෙස වෛරස ආසාදනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු ජපානයේ දී මියගොස් තිබේ. 

එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 13වනදා හඳුනාගෙන ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ජපානයෙන් මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *