Press "Enter" to skip to content

නවසීලන්තයේ පළමු කොරෝනා මරණය

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නවසීලන්තය තුළ දී මියගිය පළමු පුද්ගල මරණය එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත රජය පවසන්නේ වෛරසය ආසාදනය වු 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් මත අදාළ කාන්තාව දින කිහිපයකට පෙර රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 500කට අධික පිරිසක් නවසීලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *