Press "Enter" to skip to content

නව කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු පළමු වරට බ්‍රිතාන්‍යයෙන්

නව කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු පළමු වරට බ්‍රිතාන්‍යයෙන් ද වාර්තා වී ඇත.

එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ. 

කෙසේවෙතත් අදාළ පුද්ගලයින් වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් ප්‍රදේශයේ සංචාරය කර ඇත් ද යන්න පිළිබඳ බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තොරතුරු අනාවරණය කර නැහැ. 

චීනයට අමතරව මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් රටවල් 20කට අධික සංඛ්‍යාවකින් හඳුනාගෙන ඇත.  

ආසාදිතයින් 128 දෙනෙකු එම රටවලින් වාර්තා වී ඇති අතර හොංකොං, දකුණු කොරියාව, සිංගප්පුරුව, ජපානය, තායිලන්තය යන රටවලින් ආසාදිතයින් 10කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *