Press "Enter" to skip to content

ප්‍රංශයෙන් ආසාදිතයින් 4,500ක්

යුරෝපීය රාජ්‍යයක් වූ ප්‍රංශයෙන් ආසාදිතයින් 4,500 ක් සහ මරණ 91ක් වාර්තා වාර්තා වෙයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීව ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණ ඇතුළු සංචාරක මර්මස්ථාන සියල්ලම පාහේ වසා දැමීමට පියවර බලධාරීන් පියවර ගත්තේය.

මේ අතර නෙදර්ලන්තයෙන් ආසාදිතයින් 959ක් සහ මරණ දෙකක් වාර්තා වෙයි.

ගත වූ පැය 24 තුළ එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ දෙගුණයක වර්ධනයක් පෙන්නුම් කරමින් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර  උද්ගතව පවතින තත්ත්වය හමුවේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විද්‍යාඥයින් 200 කට වැඩි පිරිසක් රජයට ලිපියක් යොමු කර තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *