Press "Enter" to skip to content

බ්‍රිතාන්‍යයේ තවත් මිලියනයක් කොරෝනා පරීක්ෂාවට

බ්‍රිතාන්‍යයේ තවත් පුද්ගලයින් මිලියනයක පමණ පිරිසක් කොවිඩ් නයින්ටීන් වෛරස පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ(29) සිට එම පරික්ෂණ සිදු කෙරෙන අතර එරට සියලු ආයතනවල සේවකයින් සහ ඔවුන්ගේ ඥාතීන් ඒ සදහා යොමු කිරිමට පියවර ගන්නා බවයි එරට බලධාරින් පවසන්නේ.

පසුගිය සතියේ ද කොවිඩ් නයින්ටීන් වෛරස පරික්ෂාවන් ආයතන කේන්ද්‍ර කර ගනිමින් සිදු කර ඇත.

එහිදී පුද්ගලයින් 65කට අධික පිරිසකට සිය රැකියා ස්ථානවලින් සහ නිවසින් පිටව යන ලෙස දැනුම්දී ඇති බව සදහන්.

මිලියනයක පමණ පිරිසක් කොවිඩ් නයින්ටීන් පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවිමක් සිදු වනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ සැක පල කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *