Press "Enter" to skip to content

බෙන්ජමින් නෙතන්යාහු රුසියාවේ සංචාරයක

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු රුසියාවේ සංචාරයකට සහභාගී වී ඇත.

ඒ  ඊශ්‍රායල් පලස්තීන අර්බුදය විසඳීමට සකස් කළ අමෙරිකානු සාම සැළැස්ම පිළිබඳ රුසියානු ජනාධිපතිවරයා වෙත තොරතුරු දැන්වීමේ අරමුණින්.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් (Vladimir Putin) සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) අතර හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්වුණි.

නායකයින් අතර සාකච්ඡා ආරම්භ විමර පෙර රුසියාව සිය භාරයේ පසු වූ අමෙරිකානු  ඊශ්‍රායල් සම්භවයක් සහිත කාන්තාවක් නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙහිදී  ජනාධිපති පුටින් වෙත සිය ස්තූතිය පුද කළේය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත රුසියාවේදී ඇයව අත්අඩංගුවට ගැනීම දෙරට අතර සබඳතා බොහෝ සෙයින් පළුදු වීමටත් හේතු වී තිබුණි.

ඊශ්‍රායල් අගමැතිවරයා රුසියාවට පැමිණ තිබුණේ අමෙරිකාව සංචාරයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් පලස්තීන අර්බුදය විසඳීමට සකස් කළ නව සාම සැළැස්ම අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ඉදිරිපත් කළේය.

අමෙරිකානු සාම සැළැස්ම පිළිබඳව තොරතුරු ලබාදීමේ අරමුණින් අමෙරිකානු සංචාරය නිමවා අගමැතිවරයා මෙලෙස රුසියාවට පැමිණ තිබුණි.

අල්ලස් ලබා ගැනීම, වංචා සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායලයේ නීතිපතිවරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වෙන වෙනම නඩු තුනක් පවරා ඇත.

කෙසේ වෙතත්  එළඹෙන මාර්තු 2 වැනිදාට යෙදී තිබෙන එරට  මැතිවරණයට සමගාමීව විදේශයන්හි ඊශ්‍රායලයේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට තමන් සතු හැකියාව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *