Press "Enter" to skip to content

භූතානයෙන් පළමු කොරෝනා ආසාදිතයා

භූතානයෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා වාර්තා වී තිබේ.

76 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 2 වනදා එම පුද්ගලයා අමෙරිකාවේ සිට ඉන්දියාව හරහා භූතානය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

මොහු තවත් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සංචාරයක නිරත වෙමින් සිට ඇති අතර සෙසු පිරිස ද නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට භූතාන රජය පියවර ගෙන තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *