Press "Enter" to skip to content

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කෙරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි

ඉන්දියාව් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තහවුරු වූ කෙරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබේ.

එම ප්‍රාන්තයෙන් පමණක් මේ වන විට වෛරස ආසාදිතයින් 1018 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම ප්‍රාන්තයෙන් මේ වන විට වෛසර ආසාදිත මරණ 64ක් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 79 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීයාව තුළ මේ වන විට කොරෝනා වෛසර ආසාදිතයින් 5,356 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 160ක් වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *