Press "Enter" to skip to content

මෙක්සිකෝ මුහුදේදී නෞකා දෙකක් එකිනෙක ගැටේ

මෙක්සිකෝ මුහුදේදී නෞකා දෙකක් එකිනෙක ගැටී අනතුරට පත්ව ඇත.

අනතුරින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙක්සිකෝවේ කොසුමෙල් දිවයිනේදී  විශාල නෞකා දෙකක් එකිනෙක ගැටී අනතුරට පත්වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Carnival Glory නම් වූ  නෞකාවක් සහ තවත් එවැනිම වූ විශාල පරිමාණයේ නෞනාවක්.

අනතුරින් Carnival Glory නෞකාවේ අවරයට හානි වූ අතර සිදුවීමෙන් එහි සිටි මගීන්  භීතියටත් කලබලයටත් පත් වී තිබුණි.

අනතුර වන අවස්ථාවේ නෞකාවේ අවහන්හලක සිටි මගීන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

වාර්තා වන ආකාරයට අනතුර සිදුව ඇත්තේ මුහුද රළු ස්වභාවයක් ගෙන තිබූ අවස්ථාවකයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *