Press "Enter" to skip to content

රුසියාවේ පළමු කොරෝනා මරණය

නව කොරෝනා වෛරසය හේතුවෙන් රුසියාවේ පළමු මරණය වාර්තා වී තිබේ. 

මොස්කව් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

පසුගිය සතියේ කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ මෙම කාන්තාව දියවැඩියා සහ හෘද රෝගියෙකු  බව ද සදහන්. 

මේ වන විට රුසියාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 147 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් මොස්කව් නුවර ආශ්‍රිතව වාර්තා වී තිබේ.   

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *