Press "Enter" to skip to content

ලයිබීරියාවේ පාසල් ගින්නෙන් දරුවන් ඇතුළු 27ක් ජීවිතක්ෂයට

ලයිබීරියානු අගනුවර වන මොන්රෝවියා ආසන්න නගරයක පාසල් බෝඩිමක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 27දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය දරුවන් බවත් විදෙස් වාර්තා පවසයි.

ඉස්ලාම් අධ්‍යාපනය ලබාදෙන පාසලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිරෙන අවස්ථාවේදී ඔවුන් සිය පාසලට ආසන්න බෝඩිමේ නිදා සිට ඇති බව සඳහන් වෙයි.

ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, එම ස්ථානයේ සිරුරු සෙවීම සඳහා පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෝසෙස් කාටර් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ගින්න හටගෙන ඇත්තේ විදුලි කාන්දුවක් නිසා බවය. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම කරගෙන යන බවද හෙතෙම කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *