Press "Enter" to skip to content

ලිබියාවේ ගැටුම්වලින් 18 ක් මරුට

ලිබියාවේ ප‍්‍රදේශ කිහිපයක පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

 ලිබියාවේ එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් රජයේ හමුදා සහ නැගෙනහිර කැරලිකාර හමුදා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මෙම මරණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට නැගෙනහිර කැරලිකාර හමුදා විසින් ටි‍්‍රපෝලි අත්පත් කරගැනීමට සහ එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් රජයේ හමුදා නෙරපා දැමීමට මෙහෙයුම් ආරම්භ කර ඇත.

 කෙසේ වෙතත් මේ වන විට පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *