Press "Enter" to skip to content

ලොව පුරා පාසැල් රැසක් වැසෙයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා පාසැල් රැසක් වසාදමා ඇත.

ඒ හේතුවෙන් ලොව පුරා සිසුන් මිලියන 300 කට අධික සංඛ්‍යාවකට නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති බව සඳහන්.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ  චීනයේ වූහාන් නගරය වසා දමා අද වනවිට මාස දෙකකට අධික කාලයක් ගතව අවසන්.

එහි පාසල් සියල්ල තවදුරටත් වසාදමා ඇති අතර මාර්ග දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම මත පාසල් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලොව පුරා සිසුන් මිලියන 300 කට අධික සංඛ්‍යාවකට  නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ චීනයේ පමණක් නොව, ඉතාලිය, අමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක පාසල් තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.

විභාග පැවැත්වීම ඇතුළු ඔවුන්ගේ සියලු අධ්‍යයන කටයුතු මේ හේතුවෙන් ඇණහිට තිබේ.

මේ අතර වෛරසය  පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන පාසල් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, වොෂිංටන් හා නිව්යොක් ආදී ප්‍රදේශවල ද පාසල් වසා දමා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *