Press "Enter" to skip to content

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳට Covid 19

ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි තිබේ. 

ඊශ්‍රායල් රජයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු වන 71 හැවිරිදි ලිට්ස්මාන් මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 

ඒ අනුව  අමාත්‍යවරයා සහ බිරිඳ මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. 

ඊශ්‍රායල් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6000 ඉක්මවූ සංඛ්‍යාවක් හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 26ක් ලෙස වාර්තා වේ.   

එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනයාහුගේ සමීපතමයෙකු ද වෛරසයට ගොදුරු වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ද වෛද්‍ය පරික්ෂණයකට යොමුවු අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *