Press "Enter" to skip to content

Covid 19 3වන තැන ස්පාඤ්ඤයට

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයට ස්පාඤ්ඤය පැමිණ තිබේ. 

ඒ වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනය සිව්වන ස්ථානයට පත්කරමින්. 

ගතවූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් වෛරස ආසාදිතයින් 6398දෙනෙකු වාර්තා වීමත් සමඟ එරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 85,195 ක්දක්වා ඉහල ගොස් තිබේ. 

ගත වූ පැය 24 තුළ ස්පාඤ්ඤයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 812ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හත් ලක්ෂ35,000කට ආසන්න වන අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වී තිබේ. 

ලොව පුරා 35,000 කට ආසන්න මරණ සංඛ්‍යාවෙන් වැඩිමමරණ සංඛ්‍යාව වන මරණ දසදහස් 779 ක සංඛ්‍යාවක් ඉතාලියේ සිදුව තිබේ. 

දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වන අතර එම සංඛ්‍යාව 7340 ක් වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *