Press "Enter" to skip to content

අද උදේ 10ට ශානි අබේසේකර රහස් පොලිසියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද (23 ) උදෑසන 10.00ට රහස් පොලිසියේ ස්ථාපිත මිනීමැරු විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනුම් දී තිබෙනවා.

මෙම කැඳවීම රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට බොරැල්ල පොලිසිය මගින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ලමාහේවා, ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ යන නිලධාරීන් පසුගිය දා දැනුම් දුන්නා.

ගානියා බැරිස්ටර්ගේ අංක 0772272893 දරන දුරකථන අංකය සම්බන්ධව 2019 නොවැම්බර් 10 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ලබාගත් වාර්තා අනුව ශානි අබේසේකර, ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ, ලේක් හවුස් මාධ්‍යවේදිනි දර්ශා බැස්ටියන් හා ස්විට්සර්ලන්තයට පැනගිය පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර දුරකථන සංවාද ගැන ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළ කාල පරාසයේ ක්‍රිෂාන්ත කුරේ හා දර්ශා බැස්ටියන් අතර දුරකථන ඇමැතුම් 21ක්ද, දර්ශා බැස්ටියන් හා ගානියා අතර දුරකතන ඇමතුම් 03ක්ද ක්‍රිෂාන්ත කුරේ හා ශානි අබේසේකර අතර විනාඩි නවයයි තත්පර දොළහක ඇමතුමක්ද, නිශාන්ත සිල්වා හා දර්ශා බැස්ටියන් අතර දුරකථන ඇමැතුම් 6ක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *