Press "Enter" to skip to content

අද රෑ සිට සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහලට

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

අද(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 ත් 20 ත් අතර මුදලකින් මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 420 සිට රුපියල් 410 දක්වා ද මාකුඹුරසිට මාතර දක්වා රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 520 දක්වා ද කොළඹ සිට මාතර දක්වා 580ක්ව පැවති බස් ගාස්තුව 570 ක් දක්වා ද අඩු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. 

අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 470 ක් ලෙස සංශෝධනය කර ඇති අතර කඩවත සිට මාතර දක්වා බස් ගාස්තුව 570 ක් ලෙස සංශෝධනය කර තිබේ.

කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 550 ක් ලෙස සංශෝධනය කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *