Press "Enter" to skip to content

අන්තර්ජාලයට පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා සමානයි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට තදින්ම ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මානසික රෝගයක් ලෙස පිළිගෙන ඇතැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා  පැවසීය.

 

අන්තර්ජාලයට පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා සමාන බවද හෙතෙම සඳහන් කළේය.

 

දරුවන් එක දිගට පැය දෙකකට වඩා අන්තර්ජාලයේ සිටින්නේ නම් ඔවුනට මානසික වශයෙන් සිදුවන හානිය ඉතා වැඩි බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා අන්තර්ජාලයට තදින්ම ඇබ්බැහි වුනු දරුවන් සිටින්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම දුරකථනයෙන් ඉවත් කිරීම වැදගත් බවද සඳහන් කළේය.

 

වයස පහට අඩු දරුවන්ට ජංගම දුරකථන පරිගණක නොදිය යුතු බවත් වයස පහළොවට වැඩි අයට ඒවා ලබාදිය යුත්තේ මව්පියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ බවත් රූමි රූබන් මහතා කීවේය.

 

එසේම ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ අයට එවැනි උපකරණ කෙසේවත් නොදිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

 

ජංගම දුරකථන වලට පරිගණකගතවලට අධික ලෙස ඇබ්බැහි වී සිටින්නේ නම් මුල් අවස්ථාවේදීම ගලවා ගතයුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා විවිධ මානසික පීඩනයන්ට ලක්වී සිටින දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වැඩි බවද සඳහන් කළේය.

 

වීඩියෝ ක්‍රීඩා එක දිගට නැරඹීමෙන් දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී වන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැවසූ රූබන් මහතා එසේ ඇබ්බැහිවන දරුවන්ගේ එම කටයුතු වලට විරුද්ධ වන මවුපියන් පවා ඔවුන් දකින්නේ හතුරන් පිරිසක් ලෙස බවද සඳහන් කළේය.

 

දරුවන් අන්තර්ජාලයෙන් සහ වීඩියෝ ක්‍රීඩාවලින් ගලවා ගැනීම සඳහා විශේෂ විද්‍යාත්මක වැඩපිළිවෙලක් හඳුන්වාදීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *