Press "Enter" to skip to content

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට කඩා වැටීමේ අවධානමක්!

ලොව පුරා මහ බැංකු තමන්ගේ විදේශ මුදල් සංචිත සඳහා අමෙරිකානු ඩොලර් පමණක් නොව දැන් වෙනත් විකල්ප විනිමය භාවිත කිරීමටත් පෙළඹී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

 

මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍ය හීනවීමක් ලෙස හැඳින්විය හැකිය.

 

ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වූ මුදල් වර්ග හතර ලෙස සැලකනු ලබන්නේ, අමෙරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ බ්‍රිතාන්‍යයේ ස්ටර්ලිං පවුම්ය.

 

පසුගිය දශක දෙක තුළ යුරෝ, යෙන් සහ ස්ටර්ලිං පවුම් විනිමයන්ට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය විදේශ සංචිත සඳහා යොදාගැනීමේ ප්‍රතිශතයේ අඩුවීමක් පෙන්නුම් කරයි.

 

එමෙන්ම නව විකල්ප විනිමය ලෙසට ඔස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, චීන යුවාන්, දකුණු කොරියානු වොන් සහ සිංගප්පුරු ඩොලර් වගේම ස්වීඩනය, නෝර්වේ වැනි නෝර්ඩික් රටවල මුදල් ද ලෝකයේ මහ බැංකු තම විදේශ සංචිතය ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීමට ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *