Press "Enter" to skip to content

ඇගළුම් ආනයනය තහනම් කරයි..

මෙරටට විදේශයන්ගෙන් ඇඟලුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක‍්‍රලේඛයක් මගින් මෙන්ම තහනම පනවා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අද ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආනයන සීමා කර ඇති බවත් එනිසා දේශීයත්වය මුල්කරගත් නිෂ්පාදන ක්‍රියාවලියකට යා යුතුව ඇති බවත් ඔහු පැවසීය.

එසේ කළහොත් මෙම අර්බුදයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ගැලවිය හැකි බවද ඔහු කීය.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *