Press "Enter" to skip to content

ඇඳිවතත් නැති වන ලකුණු

ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු  සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පැවසීය.

 

රුපියල අවප්‍රමාණය වීම නිසා මේ වන විටත් රෙදි මිල  සියයට 35 කින් වැඩිවී ඇතැයි ද නිරුක්ෂ කුමාර මහතා කීය.

 

විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වය යටතේ දේශීය සැපයුමේ නිරත ඇඟලුම් කම්හල්වලට ලාභ ලැබීම පිළිබඳ විශ්වාසයකින් නිෂ්පාදන කටයුතු කරන්නට නොහැකි වී ඇති බව ද නිරුක්ෂ කුමාර මහතා පැවසීය.

 

දිනකට පැය 8 කට ආසන්න කාලයක් විදුලිය කැපීම නිසා කුඩා පරිමාණ ඇඟලුම් කම්හල් හිමියන්ට නිෂ්පාදනයකින් තොරව සේවක පඩි ගෙවීමට සිදු වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 

මෙම අර්බුදයේ වෙනසක් සිදු නොවුන හොත් අවුරුදු සමය වන විට ජනතාවට අතින් හෝ කොළ අතුවලින් විලි වසා ගන්නට සිදු වනු ඇති බව ද සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා කීය.

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *