Press "Enter" to skip to content

ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31 )මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ioc සමාගම තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356 ක් ලෙසටයි.

 

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423ක් ලෙසටයි.

 

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356 ක් ලෙස සටහන් වෙයි.

 

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 431 ක්.

 

ලංකා භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249ක් ලෙසටයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *