Press "Enter" to skip to content

උසස් පෙළ අද ඇරඹෙයි

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ.

 

දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික  අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ.

 

අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත් වේ.

 

මේ අතර අපේක්ෂයින් වලංගු හැඳුනුම්පතක් සහ විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඉක්මනින් තම විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

 

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

 

“දරුවන් සියලුදෙනාම නිසි වේලාවට මධ්‍යස්ථානයට යන්න. අපි උපදෙස් දීලා තියෙන්නේ පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානයේ අසුන් ගන්වන්න කියලා ශාලාධිපතිවරුන්ට. විභාගයට අපි තහනම් කරලා තියෙනවා ජංගම දුරකථන, විද්‍යුත් උපාංග, ස්මාට් ඔරලෝසු, බ්ලූටූත් සහ සංනිවේදන උපාංගයක් තමන් සන්තකයේ තබා ගැනීම, විභාගය ලියන තැනක ප්‍රවේශ වීමට හැකි තැනක ළඟ තබාගැනීම වසර 5ක් දක්වා ඔබට ඉදිරි විභාගයන්ට පෙනී සිටීමට තිබෙන කාලය අහිමිවෙන්න පුළුවන්.”

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *