Press "Enter" to skip to content

එජාප ප්‍රබලයන් රැසක් ගෝඨාගේ වේදිකාවට එනවා-මහින්දානන්ද

ඉදිරි දින කිපය තුළදි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබලයන් කිපදෙනෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද(29) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ  අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවක දි රෝහිත අබේගුණවර්ධන සහ පියල් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ, ළඟදීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩවන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *