Press "Enter" to skip to content

ඔක්ස්ෆර්ඞ් එන්නත් පළමු තොගය ජනපති අද භාරගනී

කොවිඞ් මර්දනය සඳහා ඉන්දියාවේ සිට ගෙන්වන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොමීෂීල්ඞ් එන්නත් පළමු තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අද (28 දා) භාර ගැනීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පැවැසීය.

කටුනායක ගුවන් තොටුපළේදී අද පෙ.ව. 11.00 ට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයා වෙත මෙම එන්නත් තොගය භාරදීමට නියමිතය.

එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 5 ක් පළමු අදියර යටතේ මෙරටට ලැබෙන බවත්, එන්නත් ලබාදීම හෙට (29 දා) සිට ආරම්භ කෙරෙන බවත් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය.

කොරෝනා මර්දනයේ ඉදිරිපෙළ කටයුතු කරන සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ වෙත ප‍්‍රථමයෙන් එන්නත් කිරීම් සිදුකෙරෙන බවද හෙතෙම පැවැසීය.

ඉන්පසු වයස අවුරුදු 60 ට වැඩි මෙරට වැඩිහිටි පුරවැසියන්ට එන්නත් ලබාදීමට කටයුතු කරන බවද ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *