Press "Enter" to skip to content

‘කෑම හොද නෑ.. හෝටල් සැප නෑ.. බස් පොඩියි.. පිහිණුම් තටාක නෑ.. පිට්ටනි හොද නෑ..’- World Cup ගිය ශ‍්‍රී ලංකා පිලේ විරෝධතා දැඩි වෙයි.. ඉල්ලීම් මෙන්න..

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට එහි ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුව ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

කණ්ඩායමේ කලමණාකාරු අසන්තද මෙන් විද්‍යුත් පණිවුඩයක් මගින් මෙසේ පැමිණිලි කරමින් සදහන් කර ඇත්තේ තම කණ්ඩායමට ලබා දී ඇති පහසුකම් ගැන සෑහීමකට පත් විය නොහැකි බවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතැයි කියමින් අසන්තද මෙල් විසින් දන්වා ඇති ගැටළු මෙසේය.

  • හෝටලවල සැප පහසුකම් මදි
  • කණ්ඩායමට දී ඇති බස් රථය පොඩියි අනෙක් අයට ලොකු ඒවා දීලා
  • පිහිනුම් තටාකයක් නෑ
  • කෑම හොද නෑ
  • අපේ රෙදි නැතිවෙනවා
  • පුහුණු වෙන්න බෝල දාන්න අය නෑ
  • අපට ගහන්න දුන්නේ කොළ පාට තණතිලි වල අනෙක් අයට දුන්නේ දුඹුරු පාට ඒවා

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරගයක් අද දිනයේදී පැවැත්වෙන්නේ ඔ්ස්ටේ‍්‍රලියාව සමගිනි.

ඔ්වල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී දෙපිලටම තරග කිරීමට සිදුවන්නේ කොල පාට තණතිලිවලයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *