Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසුයි – විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පවසනවා.

 

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ඊයේ (03) දිනයේ වාට්ටු 9 ක් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ලබාදුන් බවත් රාගම රෝහලේ වාට්ටු 13 ක කොවිඩ් ආසාදිතයන් රැදී සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

 

මේ වන විටත් රෝගීන්ට කළ හැකි උපරිම ප්‍රතිකාර සිදු කරමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *