Press "Enter" to skip to content

‘කොවිඩ්’ රෝගීන් සියයට 30 කින් ඉහළට

රට තුළ පසුගිය සතියට වඩා මෙම සතියේ ‘කොවිඩ්’ අසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

 

‘කොවිඩ්’ ආසාදිත මරණ පසුගිය සතිය සමඟ සංසන්දනය කිරීමේදී මරණ සියයට 10 කින් ද, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩිසත්කාර ඒකකයට යොමුකළ යුතු රෝගීන් සියයට 5 කින් ද, ඉහළ ගොස් ඇති බව කී වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘කොවිඩ්’ මරණවලින් තුනෙන් දෙකක්ම පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් බව ද සඳහන් කළේය.

 

‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව මේ දක්වා සියයට 39 ක් පමණක් ලබාගෙන ඇති බවත් බූස්ටර් එන්නත සියයට 70 ක ප්‍රමාණයක් ලබාගත හොත් බියකින් තොරව කටයුතු කළ හැකි බවත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩි දුරටත් කීය.

 

වෛද්‍ය අන්වර් හම්දානි මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (4) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් එක්වන්න – මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *