Press "Enter" to skip to content

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොළඹ ආමර් බාබර් හංදිය ප්‍රදේශය , කොටහේන ජින්තු පිටිය හන්දිය, බ්ලූමැන්ඩල් ජෝර්ජ් ආර්. සිල්වා හංදිය, ජේතවන පාර ප්‍රදේශය, බේස්ලයින් පාරේ රොබට් ගුණවර්ධන හන්දිය සහ දෙමටගොඩ අ පන්සල අසල මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා මතුව ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දී සිටී.

මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කුඩා වාහනවලට අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

පවතින අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ගයේ ධාවන වේගය පැයට කිලෝමීටර් 60 දක්වා අඩු කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *