Press "Enter" to skip to content

කෝප් කමිටුව මගහැර විදුලි ලේකම් රට ගිහින්

කෝප් කමිටු රැස්‌වීමට පැමිණෙන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැනුම් දී තිබියදීත් ඔහු ඊයේ (23 දා) එම රැස්‌වීම මඟහැර පෞද්ගලික සංචාරයකට විදේශගත වීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව දැඩි විමතිය පළ කළේය.

බටගොඩ මහතාට ඊයේ දිනය ලබාදී ඇත්තේ ද ඔහුගේම ඉල්ලීම මත බව ද මෙහිදී හෙළි විණි. ඔහු වෙනුවට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක කෝප් කමිටුව වෙතට ඊයේ එවා තිබූ බවත් ඇය එම පත්වීම ලබාගෙන ඇත්තේ ද ඊයේම වීම ද විශේෂත්වයකි.

ගල්අඟුරු ජෙනරේටර් පනහක්‌ මිලදී ගැනීම, හදිසි විදුලිය මිලදී ගැනීම්, විදුලි ජනන සැලැස්‌මට පිටින් යැම, මෙරට සමාගම්වලට ටෙන්ඩර් ලබා නොදී පිටරට සමාගම්වලට දීම, තුර්කි නැව්වලින් ඉන්ධන මිලට ගැනීම යන කාරණා ඇතුළු දූෂණ චෝදනා රැසක්‌ සම්බන්ධයෙන් කරුණු විමසීමට සුරේන් බටගොඩ මහතා කැඳවා තිබිණි.

එහෙත් ඔහුගේ නොපැමිණීම නිසා ඔක්‌තෝබර් 08 වැනිදාට ඔහු කෝප් කමිටුව හමුවට කැඳවීමට ද කෝප් කමිටුව තීරණය කෙරිණි.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු කෝප් කමිටු ශාලාවේදී පැවැත්විණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *