Press "Enter" to skip to content

ගිලන් රථ දෙකක් අනතුරට ලක්වෙයි

‍මොණරාගල – බුත්තල ප්‍රධාන මාර්ගයේ 22 කණුව ප්‍රදේශයේදී ගිලන් රථ දෙකක් අනතුරකට ලක්ව ඇත.

ඊයේ (22) රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එලෙස අනතුරට ලක්ව ඇත්තේ බඩල්කුඹුර දිසා රෝහලට අයත් ගිලන් රථයක් සහ 1990 සුව සැරිය ගිලන් රථයකි.

අනතුරින් ගිලන් රථ දෙකකටම හානි සිදුව ඇති අතර ගිලන් රථ දෙකෙහි සිටි රෝගීන් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *