Press "Enter" to skip to content

ගෝඨාට ජම්පර් අන්දන බව කියූ හේෂා විතානගේට වරෙන්තු

මුදල් වංචාවක් කළැයි පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  හේෂා විතානගේ මහතාට  ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්.විදානගමගේ මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.

සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා  මගින්  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වහාම  අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද     මහෙස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළාය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ.අනුර මහේන්ද්‍ර නැමති අය විසින්  ඔහුට අයත් ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව ඇඹිළිපිටිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *