Press "Enter" to skip to content

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට මෙරටට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට (31) රාත්‍රියේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම එන්නත් තොගය මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇත.  එමෙන්ම, අදාළ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

 

චීන සිනොෆාම් කොරෝනා එන්නත් මේ වන විට ලොව රටවල් රැසක් භාවිත කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිතයෙන් සියයට 86ක ශක්‍යතාවක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වේ. එම  එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නිෂ්පාදනය කිරීමට ද පියවර ගනිමින් සිටිති‍.

 

මේ අතර, මාත්‍රා දෙකකින් සමන්විත චීන සිනොෆාම් එන්නතට අතිරේක වර්ධක මාත්‍රාවක් ලබාදිය යුතු ද යන්න පිළිබදව සිනොෆාම් ආයතනය පර්යේෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ‍.

 

විශේෂයෙන් කොරෝනා එන්නතේ විකෘති මාදිලිවලට එරෙහිව එවැනි වර්ධකයක් ලබාදීම වැදගත් වනු ඇති බව විශ්වාස කරයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *