Press "Enter" to skip to content

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ඊයේ (2) සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටි 70 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිතයි.

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් සේවකයින් සහභාගී කරවා ගැනීමේ යම් යම් ගැටලු මතුව තිබුණ ද හැකිතාක් ඉක්මණින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *