Press "Enter" to skip to content

ජනාධිපතිවරණයට කලින් පළාත්සභාද?

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරනයට කලින් පැවැත්වීමට හැකි වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සිකුරාදා පස්වරුවේ දී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සමග සහ නීතිපතිවරයා සමගින් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.

පලාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස නීතිපතිවරයාට ජනාධිපතිවරයා පසුගිය සතියේ දී දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත වැදගත් තොරතුරු කිහිපයක් ලබාදී තිබේ.

අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සිකුරාදා සාකච්චා කර ඇති බව ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *