Press "Enter" to skip to content

‘ජම්පර්’ කතාව කීවේ කරන්නම නෙවෙයි – හේෂා කියයි

අලියකු අත ගෑ අන්ධයා මෙන් විපක්‍ෂය තමාගේ කතාවේ එක කොටසක්‌ අල්ලාගෙන විවිධාකාරයේ විවේචන කරමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
 
 මතුගමදී පසුගිය බදාදා පැවති එජාප රැලියේදී ඒ මහතා සිදු කළ ‘ජම්පර’ කතාවට විපක්‍ෂයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමසීමේදී හේෂා විතානගේ මහතා එසේ කීය.
 
 එම ප්‍රකාශය තමා සිදු කළේ පළිගැනීමේ, වෛරීය ෙච්තනාවකින් නොව වැරදිකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි යන පොදු නීතිය මත පදනම්ව යෑයි ද ඒ මහතා කීය.
 
 තමාගේ කතාවේ සාරය පසෙක දමා පොත්ත විතරක්‌ අල්ලාගෙන ඔවුන් කරන මේ ප්‍රකාශ විකාරයක්‌ යෑයි ද ඒ මහතා කීය.
 
  
 කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වූ පසුව හොරුන්ට, මංකොල්ලකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සිටින්නට නම් අවස්‌ථාව ලබාදෙන්නේ නැති බව සියයට දහස්‌ වාරයක්‌ තමන්ට විශ්වාස බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *