Press "Enter" to skip to content

ණය වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව තවත් පහළට…

ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ
සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා ඇත.

 

දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර ක්‍ මට්ටමේ වර්ගීකරණය කර ඇති බව ද එම ආයතනය සඳහන් කර ඇත. මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවල් පිළිබඳ ගෝලීය ස්වෛරීත්ව ණය වට මේස සාකච්ඡාව ඊයේ (15දා)  පැවැත්විණි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී 20 කණ්ඩායමට අයත් ලොව ප්‍රධාන ආර්ථිකයන් හිමි රටවල් එක්ව තිබිණි.

 

ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 03ක විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සමග පෙරේදා (14 දා) ආරම්භ විය. ණය පැහැරහැරීමට ලක්වූ රටවල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව භාරකාර අරමුදල් ඇතුළු දේශීය බැඳුම්කර හිමියන් සතු බැඳුම්කර හුවමාරුව අවසන් කළ බව මහ බැංකුව පසුගිය දා (14 දා) නිවේදනය
කළේය.

 

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග
පවත්වන සාකච්ඡාවලදී දේශීය බැංකු සහ රාජ්‍ය ව්‍යවසායන්හි බැඳුම්කර හිමියන්ගේ දායකත්වය පිළිබඳ පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කරනු ඇති බවයි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *