Press "Enter" to skip to content

Update – තවත් කොරෝනා ආසාදිතයින් 3ක් වාර්තා වෙයි… ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට

අද(03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ‍ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් වාර්තා වෙයි… මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156යි

අද(03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබීය.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙ‍සේ වෙතත් අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *