Press "Enter" to skip to content

දිගම ඡන්ද පත්‍රිකාව මෙවර

ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාමයෝජනා පත්‍රි භාරනොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඇප මුදල් රාජසන්තක වන්නේ ජනාධිපතිවරණයට තරග කර ප්‍රකාශිත ඡන්දවලින් සියයට 12යි දශම 5කට වඩා අඩුවෙන් ලබාගත් අපේක්ෂකයින්ගේ පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබු අතර ඉන් හය දෙනෙකු නාමයෝජනා පත්රව භාරදීම සිදුකර තිබුණේ නැහැ.

තිස් පස් දෙනෙකු නාමයෝජනා භාර දී ඇති අතර එය මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අවස්ථාව ලෙස සැලකෙයි.

අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකකට අධික දිගකින් යුක්ත විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *