Press "Enter" to skip to content

දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

ඊයේ(23) සවස පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක් වු ප්‍රදීප් කුමාර් වලර්සිකන් නමැති තරුණයා මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ තරුණයා තවත් තරුණයෙකු සමඟ දිය නෑමට වැවට ගිය අවස්ථාවේ දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකොට ඇ‍ත.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *