Press "Enter" to skip to content

දේව බලයෙන් වික්ටර් රත්නායකයන් සුවපත් කල පුවත අමු බොරුවක් – මනෝ වෛද්‍ය රූමි රූබන්

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ අහිමිවූ කටහඬ යළිත් ලබා දෙන බව පවසමින් එක්තරා මූලධර්මවාදී ආගමික නිකායක් සහ ඔවුන්ගේ හිතවත් කණ්ඩායමක් විසින් ගෙන යන පුවත් අසත්‍ය බව වාර්තා වනවා.

 

මේ පිළිබඳව වෙබ් අඩවියකට අදහස් දක්වන මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසා සිටින්නේ කටහඬ අහිමිවීම නිසා හෝ වෙනස් වීම නිසා හෝ කතා කරගත නොහැකිව සිටින අය කතා කරවන ක්‍රමයක් ලොව කිසිම තැනකින් වාර්තා නොවන බවයි.

 

දේව හෝ භූත බලයක් මඟින් එම කටහඬ යළිත් ලබා දිය හැකි යැයි පැවසීම තම ආගම ප්‍රචාරය කර ගැනීමට සහ තම අනුගාමිකයින් පිනවීමට සිදු කරන ප්‍රකාශ බවයි එතුමා වැඩි දුරටත් කියා සිටින්නේ.

“කටහඩ අහිමිවීමට කායික සාධක වගේම  මානසික හේතූන් බලපානවා. විශේෂයන්ම මානසි ගැටලුවක සිටින විට කටහඬ පිළිබඳ  අධික බලාපොරොත්තුවක් ඇතිව සිටින විට කායික පුශ්නයක් නැතුව හෝ තිබෙන ප්‍රශ්නයට අමතරව මානසිකව කටහඩ නැති වී යා හැකියි, වික්ටර් රත්නායක කියන්නේ මේ වනවිට වයෝවෘද්ධව සිටින ගායකයෙක්.
එතුමාට මීට පෙර ගායනා කළ ආකාරයට  ගායනා කිරීමේ හැකියාවක් නොමැතියි. ඔහුට සටහඩ නැතිව යන්නේ psychological phonis කියන හේතුව නිසා.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *