Press "Enter" to skip to content

නාමල්ට, ලිමිනිට අද මංගල සීනු.

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වැඩිමහල් පුතු වන හමබනතොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ ව්‍යාපාරික තිලක වීරසිංහ සහ අරුණි වීරසිංහ මහත්ම මහත්මීන්ගේ වැඩිමහල් දියණිය වන ලිමිනි වීරසිංහ මෙනවියගේ විවාහ මංගල උත්සවය අද උදෑසන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

මනාලයාගේ පැත්තෙන් අත්සන් කරනු ලබන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ යෝගා ගුරුවරයා වන නන්ද සිරිවර්ධන මහතාය. මනාලියගේ පාර්ශවයෙන් ඇයගේ පියා වන තිලක් වීරසිංහ මහතා අත්සන් කිරීමට නියමිතයි. ඉන්පසුව උත්සවයේ ප්‍රිය සම්භාෂණය අද රාත්‍රී 7.00 ට වීරකැටිය කාල්ටන් නිවසේ දී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාටම මෙම මංගල උත්සවයට ආරාධනා කිරීම විශේෂත්වයකි.

මීට අමතරව දේශීය වගේම විදේශ රටවල දේශපාලනඥයින් ඇතුළු ආරාධිතයන රැසකට මෙම මංගල උත්සවයට ආරාධනා ක් ඇති බවද වාර්තාවේ. නව යුවලට කූඹියෝ නිව්ස් වෙතින් සුබ පැතුම්!

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *