Press "Enter" to skip to content

නාමල්ලා රනිල් එපා කියයි… කාංචන රනිල් ජනපති කරන්න පොහොට්ටුවේ මහ පලුව කඩාගෙන එන බව කියයි!

පොදු ජන පෙරමුණේ අපේක්ෂාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවිම බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැන් ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සන්නිවේදනය කිරීම පමණක් බවත් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඊයේ  (30) පැවසුවේය.

 

අද මාතර කොටුව ක්‍රීඩාංගනයේ දි පැවැත්වූ එක්ව ජය ගමු අපි මාතර ජන රැළිය අමතමින් කාංචන විජේසේකර පැවසුවේ ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ මහ පළුවම ගැලවී ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය දැක්වීමට පෙළ ගැසෙන බව කාංචන විජේසේක පැවසුවේ පක්ෂ නායකයින් නොවන කීප දෙනෙක් කියන විවිධ කතා පිළිබඳ කිසිවෙක් සලකන්නේ නැති බව දක්වමිනි.

 

කාංචන විජේසේකර ඇමතිවරයා මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුකරන්නේ පක්ෂයේ මහලේකම්, පක්ෂයේ ජාතික සංවිධායක සහ පක්ෂයේ තවත් ප්‍රබලයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙනවාට වඩා පොදු ජන පෙරමුණේම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට නම් කරන බවත් රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති නොවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී ය.

 

කාංචන විජේසේකර අද මෙසේ කීවේය.

ඔබ අහයි පොදුජන පෙරමුණ තීන්දුවක් අරන් ද තියෙන්නේ කියලා. ඔබතුමන්ලා එකතුවෙලා ද මේ යන්නේ කියලා. රමේෂ් පතිරණ ඇමතිතුමා, මීට පෙර කතා කරපු සබ්රි ඇමති තුමා, ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, වෙලාව අඩු නිසා කතා නොකර වාඩි වෙලා ඉන්න මහින්දානන්ද ඇමතිතුමා ඇතුළුව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි හැමෝගෙම බලාපොරෙත්තුව තියෙන්නේ ඔබතුමා ජනාධිපතිවරණය ඉදිරිපත් කරවලා ජයග්‍රහණය කරවන්න.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *