Press "Enter" to skip to content

නාවලපිටිය ජලයෙන් යටවෙයි (ඡායාරූප)

මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට මීටර් 500ක් පමණ මෙලෙස වැසි ජලයෙන් යට වී තිබූ අතර, වැසි ජලය නිසි ලෙස කානු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

සුළු වර්ෂාවකදී පවා නාවලපිටිය නගරය මෙලෙස ජලයෙන් යටවීම හේතුවෙන් එම නගරයට පිවිසෙන පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ.


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *