Press "Enter" to skip to content

නිව්යෝක් ප්‍රාන්තයෙන් 10,000 වැනි COVID-19 වෛරස් ආසාදිතයා හමුවෙයි!

අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් 10000 වැනි COVID-19 ආසාදිතයා හමුවීමෙන් පසු අමෙරිකානු රජය නිව්යෝක් ප්‍රාන්තය අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට  කටයුතු කර ඇති බව වාර්තා වේ. නිව්යෝක් ප්‍රාන්තය තුළ සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙක තුළ කරණු ලැබූ වෛද්‍යය පරීක්ෂණ වලදී COVID-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 10365 දක්වා ඉහළ ගොස් ඇති බවට  වාර්තාවන අතර එම අගය ඊට පෙර දින හමුවූ වෛරස් ආසාදිතයන් ගණනට වඩා 3254 ක වැඩි වීමක් බව ආන්ඩුකාර ඇන්ඩෲ කොමෝ මහතා පවසයි.

ඒ මහතාගේ අදහසට අනුව සොයාගත් COVID-19 වෛරස් ආසාදිතයන්ගෙන් 1803ක්ම සොයා ගනු ලැබුවේ නිව්යෝක් නගරයෙන් වීමද විශේෂත්වයකි.එහෙත් නිව්යෝක් නගරයේ පාලකයන් මාධ්‍යයට පවසා සිටියේ ඇන්ඩෲ මහතා ඉදිරිපත් කළ සංඛ්‍යාවට වඩා සැබෑ ලෙසම නිව්යෝක් නගරයේ සිටින COVID-19 වෛරස් ආසාදිතයන් ගණන දෙගුණයකින් පමණ වැඩි බවයි.

අමෙරිකාව තුළ මෙතෙක් සොයාගනු ලැබූ COVID-19 වෛරස ආසාදිත රෝගීන් ගණන වන 20000 සමඟ සැසඳීමේදී නිව්යෝක් ප්‍රාන්තය තුළින් පමණක් සමස්ත අමෙරිකානු COVID-19 වෛරසය ආසාදිතයන්ගෙන් හරි අඩක්ම හමුවීම තුළ නිව්යෝක් ප්‍රාන්තය COVID-19 වෛරසය අමෙරිකාවට පතුරුවන අපි කේන්ද්‍රය බවට පත්වී ඇති බව වසංගත රෝග මර්ධන විශේෂඥයන්ගේ මතයයි. නිව්යෝක් නුවර බලධාරීන් අමෙරිකානු ආන්ඩුවෙන් COVID-19 වසංගතය මැඩලීම පිණිස උපකාර කරන ලෙස කෙරෙනු ලැබූ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු නාවික හමුදාවේ “රෝහල් යාත්‍රාවක්” නිව්යෝක් වරායට යැවීමට කටයුතු කර ඇත.

මේ අතර අමෙරිකානු හමුදාවේ ඉන්ජිනේරු බලකාය නිව්යෝක් නගරයේ රෝහල් බවට ඉක්මනින් පරිවර්තනය කළ හැකි භාවිතයට නොගන්නා ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමද ආරම්භ කර ඇත.නිව්යෝක් ප්‍රාන්තය ඇතුළු අමෙරිකාව මුහුණ දෙන තත්වයෙන් මිදීම පිණිස අවශ්‍යය මුදල් පියවා ගැනීම පිණිස හදිසි අවශ්‍යයතාවයන් කළමණාකරනය කරන ෆෙඩරල් ඒජන්සිය ඩොලර් බිලියන 40ක මුදලක් මුදා හැරීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.

නිව්යෝක් නගර සභාවේ නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ මහතා නගරයේ කටයුතු පාලනය කිරීමට අමෙරිකානු ෆෙඩරල් හමුදාව යොදවන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.මේ අතර නිව්යෝක් ප්‍රාන්ත ආන්ඩුකාරවරයා එළඹෙන ඉරිදා සිට සියලුම අත්‍යාවශ්‍යය නොවන ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියෝග කර ඇත. එහෙත් පොදු ප්‍රවාහන සේවා,බැංකු, රැගෙන යාහැකි ආහාර අලෙවි  කරන වෙළෙඳ සැල් සහ තැබෑරුම් ද තවමත් විවෘතව පවතී.

මූලාශ්‍ර – www.rt.com

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *