Press "Enter" to skip to content

පකිස්ථානු අගමැති ඉම්රාන් අද දිවයිනට

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (23දා) දිවයිනට පැමිණීමට නියමිතය.

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව මෙරට ළගාවන පාකිස්තාන අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී විශේෂ හමුදා උත්තමාචාර මධ්‍යයේ පිළිගනු ඇත.

 

අගමැති ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්වීපාර්ශ්වික රැුස්වීම්වලට සහභාගි වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක‍්‍රීඩා රාජ්‍යතාන්ත‍්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇත. අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන නිල සාකච්ඡුාවලින් අනතුරුව පෙබරවාරි 23 වැනිදා ශ‍්‍රී ලංකා සහ පාකිස්තාන අගැමතිවරුන් එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ගෙන එන ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ උත්සවයක මුලසුන හොබවනු ඇත.

 

අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප‍්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලූම්, ඖෂධ, කෘෂි ආහාර වෙළෙඳ භාණ්ඩ, ක‍්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.

 

ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්¥ම් ෂා මෙහමූඞ් කුරේෂි මහතා, වාණිජ කටයුතු පිළිබඳ අග‍්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඞ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඞ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වනු ඇත.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *