Press "Enter" to skip to content

පළමු වරට අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ධුරයට කාන්තාවක්…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව විමර්ශන අධ්‍යක්ෂවරිය වශයෙන් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පත් කර තිබේ.

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ලෙස කාන්තා නිලධාරිනියක පත්වූ පළමු අවස්ථාව මෙය වශයෙන් ඉතිහාසයට එක් වේ.

කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක වශයෙන් 1997 වසරේදී පොලිස් සේවයට එක්වූ ඇය මේ වනවිට වසර 23 ක සේවා කාලයක් සපුරා ඇති දක්ෂ කාන්තා නිලධාරිනියක ද වන්නීය.

ඇය මීට පෙර පොලිස් වෛi සේවා කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස ද, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස ද, පොලිස් නිශ්කාශන අංශයේ කාන්තා පොලිස් අධිකාරිවරියක ලෙස ද කටයුතු කළාය.

ඉන් අනතුරුව ඇය 2016 වසරේ සිට අල්ලස් කොමිසමේ නියෝජ්‍ය විමර්ශන අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම් ලබන ඇය මෙම ධුරය ලැබෙන තෙක්ම සිය සේවාව මනාව ඉටු කරනු ලැබුවාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *