Press "Enter" to skip to content

ප්‍රියන්කර ජයරත්න එජාපයට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

 

ඒ අනුව පියංකර ජයරත්න මන්ත්‍රීවරයා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට නියමිතය. මේ පිළිබඳව ඉදියේදී පොදුජන පෙරමුණ පක්‍ෂයට ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා පැවැසීය.

 

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරගවැදුණු පියංකර ජයරත්න මන්ත්‍රීවරයා එහිදී මනාප ඡන්ද 74,425ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. රාජපක්‍ෂවරුන්ට දොළපිදේනි නොදුන් නිසා තමා පොහොට්ටු පක්‍ෂයෙන් කොන්වීමට ලක්වූ බවද බිත්තර, කිරි හා ඒ හේතුවෙන් පොදුජන පෙරමුණු පක්‍ෂය තමාට අහිමි වූ බවද මේ පිළිබඳව කළ විමසීමකදී පියංකර ජයරත්න මන්ත්‍රිවරයා පැවැසීය.

 

එහෙත් තමා වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන බවද ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ද සත්ත්ව නිෂ්පාදා ජයරත්න මන්ත්‍රීවරයා කීය පියංකර ජයරත්න මන්ත්‍රීවරයා ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *