Press "Enter" to skip to content

පාඨලීගේ රියදුරු රහස් ප්‍රකාශයක් ලබාදෙන්න අවසර ඉල්ලයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පොලිස් විමර්ශනයට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර දෙන ලෙස ඊයේ (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද සවස ඔහු සිය නීතිඥවරයා සමඟ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිටියේය.

එහිදී අදාළ සැකකරුට ප්‍රකාශයක් සිදුකිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් අවසර ලබාදී තිබෙනවාද? නැද්ද? යන්න නිශ්චිතව අනාවරණය වී නොමැත. ඒ පිළිබඳව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීම ද ඔහුගේ නීතිඥවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අදාළ රිය අනතුරු වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමති පාඨලි චම්පික රණවකගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා ඉකුත් 06 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබුණි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *