Press "Enter" to skip to content

පාඨලීගේ රිය අනතුර ගැන පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

2006 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා රහස් පොලිසියට පහසුකම් සලසා දෙන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *